දීර්ඝ කාලයක සිට නොවිසඳුණු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු පියවර කිහිපයක් ඔස්සේ බලධාරීන්ට යොමු කර දැනට පදිංචි ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ත්‍රිකුණාමලයේ ඉඩම් ගැටලුවලට මුහුණ දී සිටින ජනතාව සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.
ජනතා ඉඩම් අයිතිය සඳහා වූ එකමුතුව, යටිතල පහසුකම් සඳහා වූ එකමුතුව හා පුරවැසි කමිටුව එක්ව මෙම සාකච්ඡාව ත්‍රිකුණාමලය තුල්සිපුර පිහිටි මානව සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. විශේෂයෙන් වරාය සංවර්ධන සැලැස්ම, වනජීවී, වන සංරක්ෂණ, පුරාවිද්‍යා ස්ථාන ලෙස නම් කර ඇති තැන් හා ඒ ස්ථානවල පවතින ඉඩම් ගැටලු සහ දැනට පදිංචි ජනතාවගේ ඉඩම්වල අයිතිය සඳහා බලපත්‍ර ඔප්පු ලබා ගැනීම පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡා වූහ.
ප්‍රජා අභිලාෂ ජාලයේ සම්බන්ධීකාරක ප්‍රියංකර ද කොස්තා මහතා මෙහි සම්පත් දායකත්වය දැරූ අතර, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් සම්බන්ධීකාරක එච්.ඩබ්. නිසාකා රංගනී මහත්මිය මෙම හමුව සංවිධානය කර තිබුණි.