29
පිටිගල පොලිස් වසමේ ගොඩාමුණ, බන්ගමු කන්ද ප්රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවත් මොහු පහර කෑමෙන් පසු ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙලෙස පහර කෑමෙන් මියගොස් ඇත්තේ නියම්පාලුව, ගොඩාමුණ පදිංචි 53 හැවිරිදි දෙදරු පියෙකි. මියගිය අය සහ සැකකරු යන දෙදෙනාම යහළුවන් වන අතර සැකකරු පිටිගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඇල්පිටිය වැ.බ. මහේස්ත්රාත් ධම්මික ඉහලවිතාන මහතා ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණ මහේස්ත්රාත් පරීක්ෂක්ණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී සිදු කිරීමට නියෝග කළේය.