Home » කතරගම ගේ හැදුවේ මහින්දට ඉන්න

කතරගම ගේ හැදුවේ මහින්දට ඉන්න

වියදම් කළේ සෝරත හාමුදුරුවෝ

by Gayan Abeykoon
March 11, 2025 4:11 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

බස්නා­යක නිල­මේ­ගෙන් CIDයට පැය 3ක ප්‍රකාශයක්

කත­ර­ගම මැණික් ගඟට යාබ­දව ඇති රජයේ රක්ෂි­ත­ය­කට අයත් ඉඩම් කොට­සක නීති විරෝ­ධීව ඉදි­කර ඇති කාමර 12ක පමණ වූ ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යට අදා­ළව කත­ර­ගම බස්නා­යක නිලමේ ඩිෂාන් ගුණ­සේ­කර මහ­තා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පැය තුන­හා­මා­රක කාල­යක් ඊයේ (10) ප්‍රකාශ සට­හන් කර ගනු ලැබිණ.

ඊයේ (10) පෙර­වරු 11 ට පමණ එහි පැමිණි නිල­මේ­ව­රයා පස්වරු 2ට පිටව ගිය අතර හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි­යදී කිරි­වෙ­හෙරේ සෝරත හිමි­යන් විසින් ඉදි කරන ලද නිවෙ­සක් සම්බ­න්ධ­යෙන් තොර­තුරු දැන ගැනී­මට තමන් ගෙන්වූ බව මාධ්‍ය­වේ­දීන් හමුවේ ප්‍රකාශ කළේය.

“කිරි­වෙ­හෙරේ සෝරත හාමු­දු­රුවෝ මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා වෙනු­වෙන්, ජනා­ධි­පති කාලයේ හදපු ගෙයක් තියෙ­නවා කත­ර­ගම. ඒ ගෙදර පිළි­බ­ඳව විස්තර දැන­ගන්න තමා මට එන්න කිව්වේ. මට චෝද­නා­වක් නෑ. ඒ කියන්නේ ඒ ගෙදර ගැන හරි විස්තරේ දන්නේ මම. මොකද ඒ ගෙදර හදපු කෙනා දැන් අස­නී­පෙන්. සෝරත හාමු­දු­රු­වොත් දැන් අප­ව­ත්වෙලා. ඒක මහින්ද මහ­ත්ත­යාට නෙමෙයි අයි­තියි. සෝරත හාමු­දු­රුවෝ තමා විය­දම් කළේ, හැදුවේ විම­ල­රත්න කියලා මහ­ත්ත­යෙක්. ඒ කාලේ යුද්දේ දිනපු කාලේ මහින්ද මහ­ත­යාට හැම පන්ස­ල­කම වගේ ඔය වගේ ගෙයක්. කුටි­යක් හදලා තිබුණා යැයිද හෙතෙම මෙහිදී පැව­සු­වේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT