කැනඩාවේ ලිබරල් පාලක පක්ෂයේ නව නායකයා සහ අගමැතිවරයා පත් කරගැනීම සඳහා පැවැති මැතිවරණ කොට්ඨාස ඡන්ද විමසීමෙන් 59 හැවිරිදි බැංකුකරුවකු වන මාක් කාර්නි ජයග්‍රහණය අත්කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනේඩියානු හා බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසියකු වන කාර්නි ඡන්ද විමසීමේ පළමු වටයේදීම 85.9%ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඒ අනුව ඔහු කැනඩාවේ 24 වැනි අගමැතිවරයා ලෙසත්, ලිබරල් පාලක පක්ෂයේ නව නායකයා ලෙසත් පත්වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අමෙරිකාව සමඟ පවතින වෙළෙඳ සහ දේශසීමා ගැටලුව විසඳීමට සහ මහමැතිවරණය කැඳවීමට නව අගමැතිවරයා ඉදිරියේදී පියවර ගනු ඇතැයි වාර්තා වේ.
හිටපු අගමැති ජස්ටින් ටෘඩෝගේ නායකත්වය පිළිබඳ කැනේඩියානු ජනතාව අතර උද්ගත වූ අප්‍රසාදය සහ පාලක පක්ෂය අභ්‍යන්තරයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් අගමැති ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව අගමැතිවරයා පසුගිය ජනවාරියේදී ප්‍රකාශ කර තිබිණි. ඔහුගේ කාලය තුළ එරට හිටපු මුදල් ඇමැතිනිය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්ස්ගේ ඉල්ලා අස්වීමත් සමඟ ජස්ටින් ටෘඩෝ සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය. හිටපු මුදල් ඇමැතිනිය ද පක්ෂ නායකත්වය සඳහා වන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අතර, එහිදී ඇයට හිමිවූයේ 8%ක ඡන්ද ප්‍රතිශතයක් බව වාර්තා වේ.