Home » තුව­ක්කු­වක් අතැ­තිව ධවල මන්දි­රය අසල සිටි පුද්ග­ල­ය­කුට රහස් ඔත්තු­සේවා නිල­ධා­රින්ගෙන් වෙඩි

තුව­ක්කු­වක් අතැ­තිව ධවල මන්දි­රය අසල සිටි පුද්ග­ල­ය­කුට රහස් ඔත්තු­සේවා නිල­ධා­රින්ගෙන් වෙඩි

by Gayan Abeykoon
March 11, 2025 4:08 pm 0 comment

ආයුධ සන්න­ද්ධව නාඳු­නන පුද්ග­ල­යකු ධවල මන්දි­ර­යට පිටත රැඳී සිටි­යදී  රහස් ඔත්තු සේවා නිල­ධා­රීන් විසින් වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  එම පුද්ග­ලයා ධවල මන්දි­ර­යට පිට­තින් රැඳී සිටි බවත්, ඔහු ආයුධ සන්න­ද්ධව සිටි බවත් අමෙ­රි­කානු රහස් ඔත්තු සේවා ඒජ­න්සිය නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එම සිදු­වීම වන අව­ස්ථා­වේදී ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දි­රයේ නොසිටි බව ද වාර්තා වේ.

රහස් ඔත්තු සේවා ඒජ­න්සියේ සන්නි­වේ­දන ප්‍රධා­නියා වන ඇන්තනී ගුගි­ල­යිල්මි ප්‍රකාශ කර ඇත්තේ ඉන්ඩි­යානා ප්‍රාන්තයේ සිට වොෂි­න්ට­නය බලා පැමිණ සිටින පුද්ග­ල­යකු ධවල මන්දි­රය ඉදි­රි­පි­ටදී සිය දිවි හානි කර­ගැ­නීමේ උත්සා­හ­යක නිර­ත­වන බවට තොර­තු­රක් ලැබුණු බවය. ඒ අනුව කඩි­න­මින් සිය නිල­ධා­රින් එම ස්ථාන­යට පිටත් කළ බවද ඔහු සඳ­හන් කර තිබේ.

ඔත්තු සේවා නිල­ධා­රින් ධවල මන්දි­රය අසල රථ ගාල වෙත ගොස් ඇති අතර, නාඳු­නන පුද්ග­ලයා පැමිණි මෝටර් රථය සොයා ගෙන ඇතැයි ද වාර්තා වේ. ඒ මොහොතේ නිල­ධා­රීන් ඉදි­රි­යට පැමිණි එම පුද්ග­ලයා ඔහු සතු ගිනිඅවි­යක් ඔසවා ගැටු­මක් ඇති කර­ගැ­නී­මට උත්සාහ කළ බවත්, නිල­ධා­රින් වෙඩි තබා ඔහු මෙල්ල කර ගත් බවත් රහස් ඔත්තු සේවා ඒජ­න්සියේ නිවේ­ද­නයේ සඳ­හන් වන බව වාර්තා වේ. තුවාල ලැබූ පුද්ග­ලයා රෝහ­ල්ගත කර ඇති අතර, ඔහුගේ තත්ත්වය පිළි­බඳ තොර­තුරු වාර්තා වී නැති බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. නාඳු­නන පුද්ග­ලයා 27 හැවි­රිදි වියෙහි පසු­වන අයකු බව මූලික විම­ර්ශ­න­යේදී හෙළි වී තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT