පළාත් පාලන මැතිවරණය සඳහා ත්රිකුණාමල දිස්ත්රික්කයේ පිහිටි පළාත් පාලන ආයතන 13න් ආයතන 11කට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රසය ත්රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඇප මුදල් තැන්පත් කළේය.
මේ අනුව ත්රිකුණාමලය හා කින්නයා නගර සභා සඳහාත් ත්රිකුණාමලය, කුච්චවේලි, කින්නියා, මූතූර්, කන්තලේ, තඹලගමුව, වෙරුගල්, සේරුනුවර, මොරවැව යන ප්රාදේශීය සභා සඳහාත් ඇප මුදල් තැන්පත් කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්පික් මහතා පැවසීය.
ගෝමරන්කඩවල සහ ශ්‍රී පුර යන ප්රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම කෙරෙහි ඉදිරියේදී සලකා බලන බව ද ජාතික සංවිධායකවරයා අවධාරණය කළේය.