හබරණ මරදන්කඩවල රිටිගල A -11 මාර්ගයේ ඊයේ උදේ 6.00ට පමණ ලොරියකට වනඅලියකු ගැටීමෙන් ඇතාගේ එක් දළක් ගැලවී ඇති බව හබරණ පොලීසිය පවසයි.
ටාටා වර්ගයේ තට්ටු ලොරියේ පිටුපස ඇතා ගැටීමෙන් අනතුර සිදුවී එම ස්ථානයේම අඩි 5යි, අඟල් 4ක පමණ දිගැති ඇතාගේ එක් දළක්
මාර්ගයේ වැටී තිබුණ බවද අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන හබරණ පොලීසියේ නිලධාරියකු සඳහන් කළේය.
අනතුරින් පසු තුවාල ලැබූ ඇතා කැලෑව තුළට ගොස් තිබුණි. ඇතාගේ ඇත් දළ සහ අනතුරට පත්වූ ලොරිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සඳහා කැකිරාව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද හබරණ පොලීසිය පවසයි.
අනතුරට ලක්වී ඇත්තේ හබරණ බෙල්ලන්කඩවල ප්රදේශයේ ලොරි රථයකි.
හබරණ පොලීසිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වයි.