Home » ලොරි­යේ ගැටුණු ඇතාගේ දළය ගැලවී බිමට රියැ­දුරු අත්අ­ඩං­ගු­වට

ලොරි­යේ ගැටුණු ඇතාගේ දළය ගැලවී බිමට රියැ­දුරු අත්අ­ඩං­ගු­වට

by damith
March 10, 2025 4:12 pm 0 comment

ඇළ­හැර සරත් වෙල­ගෙ­දර

හබ­රණ මර­ද­න්ක­ඩ­වල රිටි­ගල A -11 මාර්ගයේ ඊයේ උදේ 6.00ට පමණ ලොරි­ය­කට වන­අ­ලි­යකු ගැටී­මෙන් ඇතාගේ එක් දළක් ගැලවී ඇති බව හබ­රණ පොලී­සිය පව­සයි.

ටාටා වර්ගයේ තට්ටු ලොරියේ පිටු­පස ඇතා ගැටී­මෙන් අන­තුර සිදුවී එම ස්ථාන­යේම අඩි 5යි, අඟල් 4ක පමණ දිගැති ඇතාගේ එක් දළක්

මාර්ගයේ වැටී තිබුණ බවද අන­තුර පිළි­බඳ පරී­ක්ෂණ පව­ත්වන හබ­රණ පොලී­සියේ නිල­ධා­රි­යකු සඳ­හන් කළේය.

අන­තු­රින් පසු තුවාල ලැබූ ඇතා කැලෑව තුළට ගොස් තිබුණි. ඇතාගේ ඇත් දළ සහ අන­තු­රට පත්වූ ලොරිය වැඩි­දු­ර­ටත් විම­ර්ශන කට­යුතු සඳහා කැකි­රාව වන­ජීවී කාර්යා­ලයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බවද හබ­රණ පොලී­සිය පව­සයි.

අන­තු­රට ලක්වී ඇත්තේ හබ­රණ බෙල්ල­න්ක­ඩ­වල ප්‍රදේ­ශයේ ලොරි රථ­යකි.

හබ­රණ පොලී­සිය අන­තුර පිළි­බඳ පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT