දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාසයේ මහා විද්‍යාලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් 8 දෙනකුට ලිංගික අතවර කර ඇතැයි කියන පැමිණිල්ලකට සැකපිට පසුගිය 7 වැනිදා අරලගංවිල පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනුණු ගණිත ගුරුවරයා පසුදින (8) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාරත්න මහත්මිය නියෝග කළාය. අධිකරණයට ඉදිරිපත් කළ ගණිත ගුරුවරයා මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලෙසට පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර, ඒ අනුව ඔහු බන්ධනාගාර නිලධාරීන් හරහා මානසික සෞඛ්‍ය පිළිබඳ අධිකරණ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු අරලගංවිල පොලීසියේ සැරයන් 66073 ඩබ්ලිව්.පී.එස්. වීරක්කොඩි මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.
අරලගංවිල අධ්‍යාපන කොට්ඨාසයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයකු, 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් 8 දෙනකුට වරින්වර ලිංගික අතවර කර ඇතැයි ඔවුන්ගේ මවුපියන් විසින් පොලීසියට කරන ලද පැමිණිලිවලට අනුව අදාළ ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත්ව ඇතැයි කියන සිසුවියන්ගේ මවුපියන්ට අධිකරණ පෝරම ලබා දීමෙන් අනතුරුව සිසුවියන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඉදිරිපත් කර ඇති බව අරලගංවිල පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් සෙනෙවිරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.