Home » “කජ්ජා” ඝාත­න­යට වෙඩි­ක්ක­රුට අත්ති­කා­රම් දුන්නැයි කියන සැක­කරු අත්අ­ඩං­ගු­වට

“කජ්ජා” ඝාත­න­යට වෙඩි­ක්ක­රුට අත්ති­කා­රම් දුන්නැයි කියන සැක­කරු අත්අ­ඩං­ගු­වට

by damith
March 10, 2025 4:15 pm 0 comment

තංගල්ල සමූහ - පද්ම­සිරි ගාර්දි­ය­ව­සම්, සූරි­ය­වැව විශේෂ - නුවන් ජය­සේ­කර

මිද්දෙ­ණිය ත්‍රිත්ව ඝාත­නයේ වෙඩි­ක්ක­රුට ඝාත­නය සිදු කිරීම සඳහා රුපි­යල් 250,000ක අත්ති­කා­රම් මුද­ලක් ලබා දුන් බව කියන සැක­ක­රු­වකු පෙරේදා (8) අගු­ණ­කො­ළ­පැ­ලැස්ස පොලී­සියේ නිල­ධාරී කණ්ඩා­ය­මක් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

සැක­කරු ඉකුත් පෙබ­ර­වාරි 20 වැනි දින මෙම අත්ති­කා­රම් මුදල ඌරු­බොක්ක, බෙර­ළ­ප­නා­තර ප්‍රදේ­ශයේ පදිංචි වෙඩි­ක්ක­රුගේ සොහො­යු­රි­ය­කට අයත් මිද්දෙ­ණිය රාජ්‍ය බැංකු­වක තිබෙන බැංකු ගිණු­ම­කට බැර කර තිබූ බවට කරුණු අනා­ව­ර­ණය වූ බව පොලී­සිය සඳ­හන් කළේය. අත්අ­ඩං­ගු­වට ගත් 40 හැවි­රිදි සැක­කරු ඇඹි­ලි­පි­ටිය, පද­ලං­ගල, පරණ කොළ­ණි­ගම පාරේ පදිං­චි­ක­රු­වෙකි. මනුෂ්‍ය ඝාත­නය සඳහා සහාය දීම සහ ඒ සඳහා කුම­න්ත්‍ර­ණය කිරීම යන චෝද­නා­වන්ට අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු වැඩි­දුර විම­ර්ශන සඳහා මිද්දෙ­ණිය පොලී­සි­යට බාර දී තිබේ.

අගු­ණ­කො­ළ­පැ­ලැස්ස පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නිරෝ­ෂන් අබේ­කෝන් මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි උපුල් සෙනෙ­වි­රත්න, තංගල්ල සහ­කාර පොලිස් අධි­කාරි (2) විජය බණ්ඩාර යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් පරිදි මිද්දෙ­ණිය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඒ.ඩී.සී. රොහාන් මහතා ඇතුළු නිල­ධා­රීහු සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT