Home » පෑවි­ල්ලෙන් හැට­න්වල පානීය ජල සැප­යු­මට බාධා

පෑවි­ල්ලෙන් හැට­න්වල පානීය ජල සැප­යු­මට බාධා

අර­පි­රි­මැ­ස්මෙන් භාවිත කර­න්නැයි ජල මණ්ඩ­ල­යෙන් ඉල්ලී­මක්

by damith
March 10, 2025 4:08 pm 0 comment

චන්දන ජය­වීර - හැටන්

මධ්‍යම කඳු­ක­රයේ බට­හිර බෑවුම් ප්‍රදේ­ශ­යට මේ දින­වල පව­තින දැඩි වියළි කාල­ගු­ණය හේතු­වෙන් හැටන් නග­රය හා ඒ ආශ්‍රිත ගම්මාන රැසක් සඳහා පානීය ජලය සැප­යීම විශාල ගැට­ලු­වක් බවට පත්ව ඇති බවත්, බෙදා­හ­රින ජලය වඩාත් අර­පි­රි­මැ­ස්මෙන් පරි­හ­ර­ණය කරන ලෙසත් ජාතික ජල­ස­ම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ හැටන් මධ්‍ය­ස්ථා­නයේ ස්ථන භාර නිල­ධා­රී­ව­රයා පැව­සීය.

හැටන් නග­රයේ ජල පාරි­භෝ­ගික පවුල් 4,100ක් පමණ වන අතර, දෛනි­කව බෙදා­හ­රින ජල ප්‍රමා­ණය ජල ඝන මීටර් 3,400ක් පමණ වේ.

එම ජල ප්‍රමා­ණය සපුරා ගනු ලබන්නේ සිංගි­මලේ රක්ෂි­තයේ පිහිටි ස්වාභා­වික ජල උල්ප­ත්ව­ලින් ජල තටා­කය වෙත රැස් කර ගන්නා හා ඉන්වරි ජල මූලා­ශ්‍ර­යෙන් ලබා ගන්නා ජල­යෙනි. සිංගි­මලේ රක්ෂිත ජල මූලාශ්‍ර වියළී යෑමත් සමඟ එම තටා­කයේ ජලය ශීඝ්‍ර­යෙන් පහත බැස තිබේ. එහි ජල ප්‍රමා­ණය අඩි 4ක් දක්වා පහත බැස ඇති අතර, ඉන්වරි ජල මූලා­ශ්‍ර­යෙන් ලැබෙන ජල ප්‍රමා­ණය ද හීන වී තිබේ. එම තත්ත්වය හමුවේ ජලය බෙදා හැරීම ගැට­ලු­කාරී බැවින් හැකි තරම් අර­පි­රි­මැ­ස්මෙන් ජලය පරි­හ­ර­ණය කරන ලෙසත්, ජලය ලැබෙන කාල­ව­ක­වා­නු­ව­ලදී එක්රැස් කර ගැනී­මට කට­යුතු කරන ලෙසත් ජල පාරි­භෝ­ගික ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියි.

පව­තින වියළි කාල­ගු­ණය ඉදි­රි­ය­ටත් පැව­ති­ය­හොත් හැටන්, දික්ඔය හා කොට­ගල යන හැටන් පාරි­භෝ­ගික මධ්‍ය­ස්ථා­න­යට අයත් ප්‍රදේ­ශයේ වූ ගම්මාන කලාප වශ­යෙන් වෙන් කර දිනක් හැර දිනක් ජලය බෙදා හැරී­මට කට­යුතු කරන බවද එම නිල­ධා­රියා සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT