Home » අස්වැ­න්නට නිසි මිලක් නැතිව බඩ­ඉ­රිඟු ගොවියෝ කන­ස්ස­ල්ලෙන්

අස්වැ­න්නට නිසි මිලක් නැතිව බඩ­ඉ­රිඟු ගොවියෝ කන­ස්ස­ල්ලෙන්

ගෙවන මිල ප්‍රමා­ණ­වත්: වැඩි කළොත් සත්ත්ව පාලන ගොවීන්ට අසා­ධා­ර­ණයි - උතුරු මැද පළාත් කෘෂි­කර්ම අධ්‍යක්ෂ

by damith
March 10, 2025 4:15 pm 0 comment

තඹු­ත්තේ­ගම විශේෂ - ඩබ්ලිව්. ප්‍රදීප්

මෙවර මාස් කන්නයේ අනු­රා­ධ­පු­රය මධ්‍යම නුව­ර­ගම් පළාත ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ගම්මාන ගණ­නා­වක හේන් ආශ්‍රි­තව බඩ­ඉ­රිඟු වගා කළ ගොවීහු සිය අස්වැ­න්නට නිසි මිලක් නොමැති බවට මැසි­විලි නඟති.

නිෂ්පා­දන විය­ද­මට සාපේ­ක්ෂව ප්‍රමා­ණ­වත් විකි­ණුම් මිලක් නොමැති වීමෙන් ඔවුහු දැඩි අසී­රු­තා­වට පත්ව සිටිති. ගල්ක­ඩ­වල, කුරු­ක්ක­න්කු­ලම, දීප්ති­ගම, රළ­ප­නාව, ගල්පො­ත්තේ­ගම ආදී ගම්මාන ගණ­නා­වක ගොවීහු මෙසේ දුෂ්ක­ර­තා­වට පත්ව ඇත. අස්වනු නෙළන අව­ධිය වන විට පෞද්ග­ලික වෙළෙන්දෝ සාමූ­හි­කව ඉතා අවම මිල­කට බඩ­ඉ­රිඟු මිලදී ගැනී­මට උත්සුක වන බවද ගොවීහු පව­සති. ඔවුන් පව­සන්නේ, අස්වනු නෙළා­ගත් සැණින් තෙත බරද සහිත බඩ­ඉ­රිඟු බීජ කිලෝ­වක් රුපි­යල් 80ත් 90ත් අතර මිල­ක­ටත්, විය­ළන ලද බීජ කිලෝ­වක් රුපි­යල් 100ත් 120ත් අතර මිල­ක­ටත් වෙළෙ­න්දන් ඉල්ලා සිටින බවයි. එම මිල ගණන් සඳහා බඩ­ඉ­රිඟු අස්වැන්න අලෙවි කිරීම මඟින් සිය විය­දම් හෝ පියවා ගත නොහැකි තත්ත්ව­යක් මතුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති. මිනිස් පරි­භෝ­ජ­න­යට සහ විශේ­ෂ­යෙන් සත්ත්ව ආහාර නිෂ්පා­ද­නය සමඟ මෙරට බඩ­ඉ­රිඟු වගාව ඍජු­වම ඈඳී පවතී. ත්‍රිපෝෂ, සත්ත්ව ආහාර සහ වෙනත් අතුරු නිෂ්පා­දන සඳහා මෙරට බඩ­ඉ­රිඟු අව­ශ්‍ය­තා­වය වස­ර­කට මෙට්‍රික් ටොන් ලක්ෂ හතර ඉක්මවා පවතී. කුඹුරු සහ විශේ­ෂ­යෙන් හේන් ආශ්‍රි­තව කෙරෙන

දේශීය වගා­ව­න්ගෙන් මෙට්‍රික් ටොන් දෙල­ක්ෂය ඉක්මවා නිෂ්පා­ද­න­යක් ජාතික අව­ශ්‍ය­තාව සඳහා එකතු කිරී­මට මෙරට ගොවීහු සමත්ව සිටිති. එහෙත් මෙරට සමස්ත බඩ­ඉ­රිඟු අව­ශ්‍ය­තාව සපු­රනු සඳහා වාර්ෂි­කව පිට­ර­ටින් ආන­ය­නය කිරී­මට තව­මත් සිදුව තිබේ. එවැනි පසු­බි­මක තව­මත් දේශීය බඩ­ඉ­රිඟු

අස්වැන්න සඳහා නිසි මිලක් නොලැ­බීම පිළි­බ­ඳව නිර­න්ත­ර­යෙන් මැසි­විලි නැඟී­මට මෙරට ගොවීන්ට සිදුව තිබේ.

අනු­රා­ධ­පුර, ගල්ක­ඩ­වල ගම්මා­නයේ උපාලි නිශාන්ත තමන් මුහු­ණපා සිටින තත්ත්වය සම්බ­න්ධ­යෙන් මෙසේ අද­හස් දැක්වීය.

“ලොකු විය­ද­මක්, මහ­න්සි­යක් දරන්න ඕන දැන් බඩ­ඉ­රිඟු වගා කරන්න. ඉස්සර වගේ දැන් මේ වගාව කරන්න බෑ. දෙමු­හුන් බීජ­ව­ලට ලොකු විය­ද­මක් යනවා.

බිම හාගන්න ඕනෑ. පොහොර දෙතුන් වතා­වක් දාන්න ඕනෑ. මොකක් හරි පළි­බෝධ හානි­යත් ආවොත් ඔක්කොම ඉව­රයි. එත­කොට තෙල් ගහලා ඉව­ර­යක් නෑ. බඩ­ඉ­රිඟු කඩා­ගන්ඩ ඕනෑ. ඊට පස්සේ මේවා සුනාමි කරලා ඇට බේර­ගන්න ඕනෑ. වේළන්න ඕනෑ. මේ හැම­දේ­ටම යන්නේ සල්ලි. විය­දම කෙළ­ව­රක් නෑ.

මහ­න්සි­යත් එහෙ­ම්මම තමයි. එහෙම තියෙද්දි අපෙන් තුට්ටු දෙකට අස්වැන්න ඉල්ල­පු­ව­හම ගොවි­තැන් කිරි­ල්ලත් එපා වෙනවා.”

රළ­ප­නාව ගම්මා­නයේ බඩ­ඉ­රිඟු වගාවේ නිර­තව සිටින ජී. ඩබ්ලිව්. සම­න්ලතා මහ­ත්මිය මෙසේ පැව­සු­වාය.

“අඩුම ගාණේ කිලෝ එක­කට රුපි­යල් 145ක්වත් නැතිව මේ අස්වැන්න විකු­ණලා වැඩක් නෑ. මෙතැන සිද්ධ වෙන්නේ අපෙන් හොඳට වේළපු බඩ­ඉ­රිඟු ඇට

කිලෝ එකක් රුපි­යල් 110කට, 120කට විතර අර­ගෙන වෙළෙන්දෝ ගබඩා කරලා තියා ගන්නවා. ඊට පස්සේ ටික කාල­යක් ගිය­හම කිලෝ එක රුපි­යල් 200ට විතර විකු­ණ­නවා. අව­සානේ සිද්ධ වෙන්නේ හැම දුකක්ම විඳින අපේ මහ­න්සිය වෙළෙන්දෝ කට්ටි­යක් එකතු වෙලා හොරකං කර­නවා වගේ වැඩක්.”

උතුරු මැද පළාත් කෘෂි­කර්ම අධ්‍යක්ෂ ඒ.එම්.බී.එන්. බුද්ධික මහ­තා­ගෙන් ගොවින්ගේ ගැටලු පිළි­බ­ඳව කළ විම­සී­ම­කදී ඒ මහතා පැව­සුවේ, උප­රිම වශ­යෙන් බඩ­ඉ­රිඟු බීජ කිලෝ­වක් සඳහා රුපි­යල් 140ක් වැනි මිලක් ලැබීම ප්‍රමා­ණ­වත් බවයි. එහෙත් බොහෝ ගොවීන් සිය අස්වැන්න සඳහා රුපි­යල් 145ක් හෝ 147 ක් වැනි මිලක් ඉල්ලා සිටින බවත්, එවැනි මිල­කට බඩ­ඉ­රිඟු අස්වැන්න මිලදී ගත­හොත් සත්ත්ව පාල­නයේ යෙදෙන ගොවීන්ට එම­ඟින් අසා­ධා­ර­ණ­යක් සිදු වන බවත් ඒ මහතා පැව­සු­වේය. බඩ­ඉ­රිඟු ගොවීන් සහ සත්ත්ව පාල­නයේ යෙදෙන ගොවීන් යන දෙපා­ර්ශ්ව­යම ආරක්ෂා කළ යුතු බැවින් රුපි­යල් 140ක් වැනි මිලක් බඩ­ඉ­රිඟු කිලෝ­ව­කට ලැබීම ප්‍රමා­ණ­වත් බව ඒ මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT