පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනරජ පෙරමුණ පැන්සල ලකුණෙන් ඉදිරිපත් වන බව එම පෙරමුණේ නායක හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
හෝමාගම මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම හා ප්‍රාදේශීය සභා අපේක්ෂක කණ්ඩායම හඳුන්වා දීම වෙනුවෙන් පෙරේදා (08) පැවැති හමුවේදී පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයේදී වත්මන් රජයට විරෝධය පළ කරන ලෙසත්, එක්සත් ජනරජ පෙරමුණට ඡන්දය දෙන ලෙසත්, රණවක මහතා ඉල්ලා සිටියේ ය. හෝමාගම තාක්ෂණ නගරය විසි දහසක් දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන ස්ථානයක් ලෙස ගොඩනැඟීමට සැලසුම් කර තිබුණත්, වත්මන් රජය එයට බදු පනවා ඇති බව ඔහු චෝදනා කළේය.
හෝමාගම ප්‍රාදේශීය සභාව රටේ විශාලතම ප්‍රාදේශීය සභාව වන අතර, එය ගොඩනැඟීමට අපට අත්දැකීම් තිබෙනවා. පාඩු ලබමින් තිබූ ආයතන ගොඩනැඟූ පළපුරුද්දක් අප සතුව පවතිනවා. ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට කැපවූ පිරිසක් අප සතුව සිටිනවා. හෝමාගම ප්‍රාදේශීය සභාවේ ආදායම කෝටි 100 සිට 200-300 දක්වා ඉහළ නැංවීමට අපට හැකියි. එම නිසා, පරණ පක්ෂවලට ඡන්දය දීමෙන් පළක් නැහැ. එක්සත් ජනරජ පෙරමුණ, පැන්සල් ලකුණෙන් ඉදිරිපත් වන්නේ අලුත් පිරිසක්, පිරිසිදු පිරිසක්, වැඩ කරන පිරිසක්, කාන්තා නායකත්වය ගෙන ඒමට සහ තරුණ ව්‍යවසායකයන් ඉදිරියට ගෙන ඒමට යැයිද හෙතෙම කීවේය.