Home » අධ්‍යාපන සමුපකාර නිලවරණයෙන් මාලිමා කණ්ඩායමට 95%ක ජයක්

අධ්‍යාපන සමුපකාර නිලවරණයෙන් මාලිමා කණ්ඩායමට 95%ක ජයක්

by damith
March 10, 2025 4:07 pm 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

අධ්‍යා­පන සමු­ප­කාර නිල­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ සභි­ක­යන් 384න් 370ක් ජය ගනි­මින් ලංකා ගුරු සේවා සංග­මය මෙවර සුවි­ශේෂී ජයක් වාර්තා කර­ගෙන තිබේ.

පෙරේදා (08) පැවති මෙම නිල­ව­ර­ණ­යෙන් ලංකා ගුරු සේවා සංග­මය ලද ජය­ග්‍ර­හ­ණය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 95.35ක් වේ.

දූෂිත පන්ති­යක් මෙතෙක් කල් බල­හ­ත්කා­ර­යෙන් බලය අල්ලා­ගෙන සිටි අධ්‍යා­පන සමු­ප­කාර ජාලය එම දූෂි­ත­ය­න්ගෙන් බේරා­ගෙන අදූ­ෂිත කණ්ඩා­ය­ම­කට භාර­දී­මට හැකි­වීම සමස්ත ගුරු පර­පු­රම ලද ජය­ග්‍ර­හ­ණ­යක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජය­සිංහ මහතා මේ සම්බ­න්ධ­යෙන් අද­හස් පළ කර­මින් කියා සිටි­යේය. මේ නිල­ව­ර­ණය රටේ අධ්‍යා­පන කලාප සිය­යක පැවති අතර එම අධ්‍යා­පන කලාප සිය­ය­යෙන් පනස් නව­යක් නිත­ර­ග­යෙන්ම ලංකා ගුරු සේවා සංග­මය විසින් ජය­ගනු ලැබීය. මෙය මේ අධ්‍යා­පන සමු­ප­කාර නිල­ව­රණ ඉති­හා­සයේ ලබපු සුවි­ශේ­ෂි­තම ජය­ග්‍ර­හ­ණ­යක් යැයි ද හෙතෙම කීවේය.

මෙරට අධ්‍යා­පන වෘත්ති­ක­යන්ගේ අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් ක්‍රියා­ත්මක වන සමු­ප­කාර ජාල­යක් ලෙස අධ්‍යා­පන සමු­ප­කාර ජාලය හැඳින්වේ. මස­කට රුපි­යල් මිලි­යන 1200කට වැඩි මුද­ලක් සම­ස්ත­යක් ලෙස මෙම සමි­තිය හරහා සංස­ර­ණය වීමත් සමඟ බොහෝ දේශ­පා­ලන බල­අ­ධි­කා­රි­යන් මෙම සමු­ප­කාර ජාලයේ බලය ඇල්ලී­මට විටි­න්විට උත්සහ කළහ.

ඇතැම් වක­වා­නු­වල විධි­මත් සාමා­ජික පිරි­ස්ව­ලින් සැදු­ම්ලත් මහ සභා­වක් තුළ අධ්‍යක්ෂ මණ්ඩ­ල­යක් පත්වී­මට ඉඩ නොතබා තමන්ගේ දේශ­පා­ලන හිත­ව­තුන් අදාළ සමි­තිය වෙත පත්කි­රීම සිදු කර තිබුණි. ඒ තුළින් එම සමු­ප­කාර ජාලයේ මූල්‍ය පරි­පා­ල­න­යට විශාල වශ­යෙන් අහි­ත­කර බල­පෑම් එල්ල කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT