වන සතුන්ගෙන් වගාවන්ට වන හානි නිසා මේ වන විට අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රය දරුණු අර්බුදයකට මුහුණ දී තිබෙන බවත් සඳහා නිසි විසඳුමක් සෙවීමේ මූලික පියවරක් ලෙස මෙම 15 දා පැවැත්වෙන වන සතුන් සංගණනයට සහාය දැක්වීම ජාතික වගකීමක් බවත් රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය නාලිකා ප්‍රියංවදා මහත්මිය අවධාරණය කළාය. වන සත්ත්ව වගා හානි ගැටලුව සඳහා නිසි විසඳුමක් සොයන්න විද්වතුන් දැන් පෙළ ගැසී සිටින අතර ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ගොඩනැඟීමේ මූලික පියවර මෙම සංගණනයෙන් සිදු කෙරෙන බවත් ඒ මහත්මිය සඳහන් කළාය. මෙම 15 දා උදේ 8.00-8.05 දක්වා පැවැත්වෙන වනසතුන් සංගණනය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරිය මේ බැව් ප්‍රකාශ කළාය.