Monday, April 21, 2025
Home » මේ වසරේ පොල් පැල ලක්ෂ 25 ක් සිටුවීමට සැලසුම්

මේ වසරේ පොල් පැල ලක්ෂ 25 ක් සිටුවීමට සැලසුම්

by yasara
March 10, 2025 4:10 pm 0 comment

මෙම වසරේ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමට සැලසුම් කර ඇති බවත්, උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව පැල ලක්ෂ 10ක් සහ අනෙක් ප්‍රදේශ වල පොල් පැල ලක්ෂ 15ක් වගා කිරීමට සැලසුම් කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසයි.

පොල් මිල ඉහළ යාම , පොල් නිෂ්පාදනය අඩුවිම ඇතුළු පොල් වගාකරුවන් වෙත ලබා දෙන සහන සම්බන්ධව අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පසුගිය වසර දෙක තුනක කාලය බැලුවිට 2024 වර්ෂයේ දී පොල් ඵලදාව අඩු වූ බවත් සාමාන්‍යෙයන් දළ වශයෙන් වර්ෂයක පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 3000ක් වන බවත් 2024 වර්ෂයේදී එය 10% ක් ඵලදාව අඩු වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

පොල් අඩු වීමට බලපාන ප්‍රධාන කරුණු ලෙස තාක්ෂණික මෙන්ම කළමණාකරණ කරුණු බලපාන බවත් තාක්ෂණික කරුණු ලෙස පොල් ගසට අවශ්‍ය අත්‍යවශ්‍ය පෝෂණය ලබා දීම , ගසට අවශ්‍ය ජලය ලබා දීම , ගස රැකබලා ගැනීම අදාළ වන බව එතුමා පෙන්වා දුන්නේය.

තවද සතුන්ගෙන් සිදුවන හානි විශේෂයෙන් පොල් වගවට බලපාන බවත් පසුගිය වර්ෂයේදී (2024) රිලවුන් ගෙන් ඇති වන හානි හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස අඩු වූ බවත් කෘමි උවදුරුද ඒ සඳහා බලපෑ බවත් සභාපතිවරයා සඳහන් කළ අතර මෙම වසරේදී ඒම උවදුරු වැළැක්වීමට යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද පැවැසීය.

එමෙන්ම පාරිභෝගිකයින්ට සමුපාකාර ස.තො.ස වැනි ආයතනවලින් සහහ මිලකට පොල් ලබා දීමට වැඩසටහන් ඉදිරීයේදී ක්‍රියාත්මක කරන බව කී සභාපතිවරයා , පොල්වගාකරුවන් පොල් වගාව සඳහා උනන්දු කරවන බවත් එම වගාකරුවන්ට සහනාධාර ලබා දීමත් පොල් පැල ලබා දීමට කටයුතු කරන බවත් වැඩි දුරටත් කියා සිටියේය

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT