Home » ෂැනන් තේ වතුයායේ ගින්නෙන් විනාශ වූ නිවාස හිමි සහන

ෂැනන් තේ වතුයායේ ගින්නෙන් විනාශ වූ නිවාස හිමි සහන

by yasara
March 10, 2025 3:39 pm 0 comment

හැටන්, ෂැනන් තේ වතුයායේ ගින්නෙන් විනාශ වූ නිවාසවල ජනතාවට කඩිනමින් සහන සලසන්න- දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා නිලධාරින්ට උපදෙස් දෙයි.

ඉකුත් (03) දා රාත්‍රී හැටන්, වැලිඔය, ෂැනන් තේ වතුයායේ කේ.එම්. කොටසේ වතු කම්කරු නිවාස පේළියක හටගත් හදිසි ගින්නකින් විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් විසඳුම් ලබා දීම අරමුණු කර ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා ඇතුළු පිරිසක් පසුගියදා එම වතුයායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

මෙම ගින්නෙන් වතු නිවාස 18 ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර පවුල් 30 සාමාජිතයින් 81 දෙනෙක් අවතැන්ව සිටිති.

මෙහිදී නිවාස අහිමි වූ පිරිසට ෂැනන් වැලිඔය වත්ත ප්‍රදේශයේ ඉදිවන නිවාස 25 කින් යුත් ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමයෙන් නව නිවාස ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

ඉන්දියානු ආධාර යටතේ තවත් නිවාස 5000 ක් මේ වසරේ නුවරඑළිය දිස්ත්‍රික්කයට ලබා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බව මංජුල සුරවීරආරච්චි මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තේන්කෝන්, අතිරේක දිසිත්‍රික් ලේකම් (ඉඩම්) ෂාලිකා ලිඳකුඹුර, නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමීර ගම්ලත් යන මහත්ම මහත්මීන් හා රාජ්‍ය වැවිලි භාර අරමුදලේ නිලධාරීන්, වතු අධිකාරිවරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT