Monday, April 21, 2025
Home » රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ CIDයට පැය තුනක ප්‍රකාශයක් දෙයි

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ CIDයට පැය තුනක ප්‍රකාශයක් දෙයි

by yasara
March 10, 2025 3:18 pm 0 comment

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණා දෙපාර්තමේන්තුව පැය තුනක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙයි

ඩිෂාන් ගුණසේකර මහතා අද (10) පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පස්වරු 2.20ට පමණ ඉන් පිටව ගිය බව සඳහන් වෙයි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටිය දී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට තමාව ගෙන්වූ බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT