Home » ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ මහ­නා­යක පද­විය පිරි­නැ­මීම අද

ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ මහ­නා­යක පද­විය පිරි­නැ­මීම අද

by damith
March 10, 2025 4:00 pm 0 comment

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ

ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ පස් වැනි උත්ත­රී­තර මහ­නා­යක පද­විය ශ්‍රී සන්නස් පත්‍ර­ය­කින් බළ­න්ගොඩ, මිරි­ස්වත්ත, ශ්‍රී ධර්මා­නන්ද පිරි­වෙන් විහා­රා­ධි­පති, අම­ර­පුර රාස්ස­ගල විහා­ර­පා­ර්ශ්වයේ ශ්‍රීමත් මහා­නා­යක ධූරීන, අධ්‍යා­ප­න­පති, කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී මූර්ති මහා­නා­යක හිමි­පා­ණන් වහන්සේ වෙත පිළි­ගැ­න්වීමේ රාජ්‍ය මහෝ­ත්ස­වය අද (10) බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පැවැත්වේ.

අම­ර­පුර මහා නිකායේ මහා ලේඛ­කා­ධි­කාරි බළ­පි­ටියේ සිරි සීවලී හිමි­යන් සඳ­හන් කළේ, ජනා­ධි­පති ලේක­ම්ව­ර­යාගේ උප­දෙස් හා මඟ­පෙ­න්වීම අනුව මෙම උත්ස­වය රාජ්‍ය මහෝ­ත්ස­ව­යක් වශ­යෙන් පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇති බවයි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ උන්ව­හන්සේ මෙසේ ද කීහ.

“ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ පස් වැනි උත්ත­රී­තර මහා­නා­යක පද­වි­යට බළ­න්ගොඩ, මිරි­ස්වත්ත, ශ්‍රී ධර්මා­නන්ද පිරි­වෙනේ විහා­රා­ධි­පති අම­ර­පුර රාස්ස­ගල විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා­නා­යක ධූරීන අධ්‍යා­ප­න­පති කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමි­පා­ණන් වහන්සේ 2024 නොවැ­ම්බර් 26 වැනි දින ශ්‍රී ගෝතම තපෝ­වන සංඝ මූල­ස්ථා­න­යේදී ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ මහා සංඝ සභාවේ පාලක සංඝ සභාව විසින් තෝරා­පත් කර­ගනු ලැබුවා.

ජනා­ධි­පති ලේක­ම්තු­මාගේ උප­දෙස් හා මඟ­පෙ­න්වීම අනුව රාජ්‍ය මහෝ­ත්ස­ව­යක් පැවැ­ත්වී­මට පිය­වර ගෙන තිබෙ­නවා. ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යත් බුද්ධ ශාසන හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය වගේම බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තු­වත් මූලි­ක­ත්වය ගෙන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය, ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය, ත්‍රිවිධ හමු­දාව සහ සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව, ශ්‍රී ලංකා පොලී­සිය, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා රූප­වා­හිනී සංස්ථාව ඇතුළු රජයේ සහ පෞද්ග­ලික ආය­තන එක්ව මෙම මහෝ­ත්ස­වය පැව­තී­මට කට­යුතු සංවි­ධා­නය කර තිබෙ­නවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT