Tuesday, April 8, 2025
Home » වන සතුන් පිළි­බඳ ජාතික සංග­ණ­නයේ පත්‍රිකා ලක්ෂ 70ක් බෙදා අව­සන්

වන සතුන් පිළි­බඳ ජාතික සංග­ණ­නයේ පත්‍රිකා ලක්ෂ 70ක් බෙදා අව­සන්

by damith
March 10, 2025 4:00 pm 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

මෙම 15දා පැවැ­ත්වී­මට නිය­මිත, ‘භෝග සඳහා හානි පමු­ණු­වන වන සතුන් පිළි­බඳ ජාතික සංග­ණ­නය’ වෙනු­වෙන් මහ­ජ­න­තාව වෙත ලබා­දෙන සංග­ණන පත්‍රිකා ලක්ෂ 70ක් රජයේ මුද්‍ර­ණා­ලය මඟින් මුද්‍ර­ණය කර දිස්ත්‍රික්ක 25ක සිය­ලුම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල වෙත බෙදා­හැ­රීම මේ වන­විට අව­සන් කර ඇත.

‘වන සතු­න්ගෙන් වගා­වට සිදු­වන හානි වළක්වා ගැනී­මට සහ වගා­වන්ට හානි කරන සතුන් කළ­ම­නා­ක­ර­ණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා වූ කමි­ටුවේ’ සාමා­ජික, කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි­මාර්ග අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්ෂ (කෘෂි සංව­ර්ධන) ජේ. ඒ. තුසිත චන්දන මහතා පැව­සුවේ මෙම පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා­දී­මෙන් පසු උතුරු ප්‍රදේ­ශයේ හැර අනෙක් සිය­ලුම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල වෙත ඊයේ (09) වන­විට බෙදා හැරීම අව­සන් කළ බවයි.

ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල මඟින් අදාළ ග්‍රාම නිල­ධා­රින් වෙත මෙම පත්‍රිකා ලබා­දීමේ කට­යුතු ද අව­සන් අදි­යරේ පව­තින බවත් ඒ මහතා කීය.

උතුරු ප්‍රදේ­ශයේ දිස්ත්‍රික්ක 5 තුළ බෙදා­හැ­රී­මට නිය­මිත මෙම සංග­ණන පත්‍රිකා අද (10) අදාළ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල වෙත ලැබෙනු ඇතැ­යිද තුසිත චන්දන මහතා ප්‍රකාශ කළේය.

මෙම සංග­ණ­නය සඳහා මුදල් වැය කිරීම පිළි­බ­ඳව විවිධ පාර්ශ්ව­යන් විවිධ අද­හස් පළ කළද අදාළ කමි­ටුව විසින් මේ නිර්දේශ කර ඇත්තේ ඒ පිළි­බ­ඳව විය­දම් අඩු­වෙන්ම ක්‍රියා­ත්මක කළ හැකි සංග­ණන ක්‍රම­වේ­දය බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

පත්‍රිකා මුද්‍ර­ණය හැර සංග­ණ­නයේ අනෙක් කිසිදු කට­යු­ත්තක් සඳහා මුදල් වැය නොක­රන බවත් රජයේ නිල­ධා­රින් ඒ සඳහා අවශ්‍ය අනෙක් කට­යුතු සම්පා­ද­නය කරන බවත් පෙන්වා දෙන අධ්‍ය­ක්ෂ­ව­රයා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින්නේ කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි­මාර්ග අමා­ත්‍යාං­ශයේ සැල­සුම පරිදි, මෙම 15 දා උදෑ­සන 8.00-8.05 දක්වා කාල සීමාව තුළ පැවැ­ත්වෙන සංග­ණ­න­යට සහ­යෝ­ගය දෙන ලෙසයි.

ජන­තාව තම ගෙවත්ත, වගා බිම, පාසල, පුණ්‍ය­භූමි හා වෙනත් පොදු ස්ථාන නිරී­ක්ෂ­ණය කර එම අව­ස්ථාවේ තමාට අදාළ පරි­ශ්‍රයේ සිටින වඳු­රන්, රිළ­වුන්, දඬු ලේනුන් හා මොන­රුන් සංඛ්‍යාව ගණන් කර ග්‍රාම නිල­ධා­රි­ව­රයා විසින් ලබාදී තිබෙන සංග­ණන පත්‍රි­කාවේ සට­හන් කිරීම සිදු­ක­රන ලෙසයි.

ආහාර සුර­ක්ෂි­ත­තාව, අස්වනු හානිය අවම කිරීම පිණිස, වන සත්ත්ව හානි අවම කර­ගැ­නීම සඳහා ඉදි­රි­පත් වන තිර­සර විස­ඳු­ම­කට අවශ්‍ය මූලික දත්ත රැස් කිරී­මට මෙම සංග­ණ­නය පැවැ­ත්වෙන බවත් මෙය ජාතික වග­කී­මක් සේ සලකා කට­යුතු කරන ලෙසත් ඒ මහතා අව­ධා­ර­ණය කළේය.

අදාළ දිනයේ වෙන්වූ කාල­සී­මාව තුළ පැන නැඟි යම් ස්වාභා­වික බාධා (අධික වැසි ආදි තත්ත්ව) වේ නම් ඒ පිළි­බ­ඳව සට­හ­නක් ග්‍රාම නිල­ධා­රින් විසින් ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා වෙත ලබා දෙනු ඇති බවත් කමි­ටුවේ සාමා­ජික, කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි­මාර්ග අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්ෂ (කෘෂි සංව­ර්ධන) ජේ.ඒ. තුසිත චන්දන මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT