මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රි සිදුවූ රිය අනතුරකින් තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි මාදම්පේ පොලීසිය පවසයි.
හලාවත සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් බස් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා බවද පොලීසිය සඳහන් කරයි.
තුවාලකරුවන් හලාවත මහ රෝහලට ඇතුළත් කළ අතර ඒ වන විටද ඔවුන් මියගොස් සිටි බවද වාර්තා වෙයි.
ත්‍රිරෝද රථයේ ගමන් ගත් අය තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික චතාරික මංගල්‍යයට සහභාගී වී එමින් සිට ඇති අතර, එහි කාන්තාවක්, දරුවෙක් සහ පිරිමි අයෙක් සිට ඇති බවද පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.