Home » අක්කේ දාන­යක් තියෙ­නවා යමු ද?

අක්කේ දාන­යක් තියෙ­නවා යමු ද?

by damith
March 10, 2025 4:01 pm 0 comment

මේ කතාව ඇහෙන්නේ රජ­රට පළාතේ නැඟෙ­න­හි­රට මායිම්ව ඇති පිටි­සර ගම­කිනි.

පිටි­සර ගමේ සිටි මේ කාන්තාව දන් දීමට රුසි­යෙකි. පන්ස­ලක්, අස­පු­වක්, ආරණ්‍ය සේනා­ස­න­යක්, මෙහෙණි ආරා­ම­යක් ඇත්තේ කොතැන ද අර කාන්තාව ද එතැ­නය. දිනක් ඇය, තම හිත­ව­ති­ය­කට දුර­ක­ත­න­යෙන් ඇම­තු­මක් දුන්නාය.

“අනේ… මම මේ ඔයාට කතා කළේ ඇයි දන්නව ද? මම අර ආර­ණ්‍ය­යට දාන­යක් ලෑස්ති කළා. ඔයත් එන්න දානේ බෙදන්න. මේක පිනක්නේ. එනව ද එහෙ­නම්” යැයි

කතා කර ගත් පරිදි එකී කාන්තාව පැමි­ණිය යුත්තේ බස­යෙනි. දාන­පති කාන්තාව ඇයට දුන් උප­දෙස් අනුව ඇයගේ මිතු­රිය බස­යට ගොඩ වී, ඇය දැනුම් දුන් හන්දි­යෙන් බැස්සාය. මිතු­රිය බස් රථය අසල නොසිටි බැවින් ඇය පාර දිගේ ඇවි­ද­ගෙන ඉදි­රි­යට ගියාය. තම හිත­ව­තිය නිවෙ­සට එක්ක­ගෙන යෑමට ඇය පැමි­ණියේ තමාට අයිති යතු­රු­පැ­දි­යෙනි. යතු­රු­පැ­දිය පසෙක නවතා ඇය අසල තිබෙන කඩ­ය­කට රිංගා ගත්තේ අම­ත­කව ගිය අත්‍ය­වශ්‍ය කුළු­බ­ඩු­වක් මිලට ගැනී­ම­ටය. මේ අව­ස්ථා­වේදී බසය ආ බව හෝ සිය මිතු­රිය බස­යෙන් බසි­නවා හෝ ඇය දුටුවේ නැත. පසුව මිතු­රිය ආ බස් රථය වේග­යෙන් ඉදි­රි­යට ඇදෙන අයුරු ඈ දැක්කේ කඩ­යෙන් එළි­යට එද්දීය.

“අනේ කෝ මෙයා. බහින්න අම­තක වෙලා ද කොහේද?” වහා සිය යතු­රු­පැ­දි­යට නැගි ඈ බසය පිටු­පස පන්නා­ගෙන ගියේ සිය මිතු­රිය ඊළඟ නැව­තු­මෙන් බස­යෙන් බස්සවා ගැනී­මට සිතා­ගෙ­නය. ඇය කිලෝ මීට­ර­ය­ක­ටත් වඩා වැඩි දුරක් බස් රථය පසු­පස හඹා­ගි­යාය. පසුව මහත් පරි­ශ්‍ර‍යක් යොදා බස් රථය නවත්වා ගත්තීය.

“අනේ අයියේ මගේ යාළුවා බස් එකේ. එයාව ගන්න මම ආවේ. පොඩ්ඩක් බලන්න ද?”

ඇය කොන්දො­ස්තර මහ­තා­ටත් රියැ­දුරු මහ­තා­ටත් බැගෑ­පත් වෙමින් බස් රථ­යට ගොඩ­වූ­වාය.

“අයියෝ එයා නැහැනේ…”

‘දැන් අර හෝල්ට් එකෙන් ගෑනු අය දෙන්නෙක්ම බැස්සා. ඒ අය වෙන්න ඇති.” කොස්දො­ස්තර කීවේය.

අව­සා­න­යේදී ඇය බස­යෙන් බැස යතු­රු­පැ­දියේ නැගී පියඹා නි‍ෙව­සට ආවේ සුන්වූ සිතෙනි.

“අයියෝ මාර වැඩේ, දානේ වෙලාව පහු­වෙ­ලානේ..දැන් මොකද කරන්නේ දෙයි­යනේ..” ඇයට දානේ සිහි­වුණේ දැන්ය. වහාම නිවෙ­සට පැමිණි ඇය දුටුවේ සිය මිතු­රිය ඉස්තෝ­ප්පුවේ වාඩි­ගෙන සිටින අයු­රුය.

“ඔයා කොහො­මද ආවේ… අයියෝ මට වෙච්චි දෙයක්”

ඇය සිදුවූ සියල්ල කීවාය. පසුව ඇය සමඟ වහාම පිළි­යෙල කළ ගත් දාන­යත් සමඟ මෙහෙණි ආරා­ම­යට ගියේ සවස තුනට ආසන්න වීමෙ­නුත් පසු­වය.

“මේ එන වෙලාව මොකක්ද නෝනා.. අපි කොහො­ම­හරි දානේ ටික පිළි­යෙල කර­ගත්තා.“

තමන්ට සිදුවූ අක­ර­තැ­බ්බය ගැන ඇය මෙහෙ­ණින් වහ­න්සේට කියා දන් පිළි­ගන්නා ලෙස අයැද සිටි­යාය. එහෙත් මේ ඒ සඳහා සුදුසු වේලාව නොවන බැවින් මේවා සතෙ­කුට හෝ කෑමට දෙන ලෙස මෙහෙ­ණින් වහන්සේ ඇයට කීහ.

අව­සා­නයේ කිසිත් නොකියූ ඔවුන් දානය රැගෙන ගිය භාජන ටිකත් සමඟ පාරට ආවේලු.

“දැන් ඉතින් මේ ටික පාරේ ඉන්න බල්ල­න්ට­වත් දෙමු නේද?” වෙන කරන්න දෙයක් නැති වූ කල ඇය සහ ඇගේ මිතු­රිය පාරේ තැනින් තැන නව­ත­මින් බල්ලන්ට කෑම දෙන්න වූයේලු.

ටික වේලා­ව­කින් මේ සිද්ධිය ගම පුරා පැතිරී ගියේය. දැන් මේ දාන­පති කාන්තාව හමු­වන ප්‍රදේ­ශයේ අය Òඅක්කේ දාන­යක් තියෙ­නවා යමු දÓයැයි අස­න­විට උපා­ස­ක­කම පසෙ­කට දමා සුද්ද සිංහ­ලෙන් ඔවුන්ට උත්තර දෙන­වාලු.

කැබිති ගොල්ලෑව විශේෂ-හේමන්ත රණ­සූ­රිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT