Home » බුද්ධි නිළධාරියෙක් හෂීෂ් සමඟ අත්අඩංගුවට

බුද්ධි නිළධාරියෙක් හෂීෂ් සමඟ අත්අඩංගුවට

by yasara
March 10, 2025 2:44 pm 0 comment

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙක් හෂීෂ් නැමැති මත්ද්‍රව්‍ය සමඟ  හික්කඩුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ ත්‍රිකුණාමලය ඒකකයට අනුයුක්තව සේවයේ නිරතව සිටින ඔහු 25 හැවිරිදි වියේ පසුවන්නෙකි.

නාරිගම හෝටලයක මත්ද්‍රව්‍ය භාවිතාකරමින් සාදයක් පැවැත්වෙන බවට ලද තොරතුරකට අනුව පොලිසිය කළ වැටලීමකදී මෙම නිලධාරියා  හසුවී තිබේ.

ඔහු සතුව තිබී හෂීෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 30ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

(ගයාන් කුමාර වීරසිංහ)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT