කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙක්ටයාර් 0.2137ක ඉඩමකට කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනකු සැඟව සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගත්තේය. ඔවුන් තිදෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
මෙම වංචාව සිදුවන විට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ ප්‍රසන්න රණවීර බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔහු සමඟ අත්අඩංගුවට ගැනීමට සොයන සෙසු දෙදෙනා වන්නේ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන මිල්රෝයි නමැති අය සහ සිංගප්පූරු සරත් නමැති අය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සිංගප්පූරු සමන් නමැත්තා මර්වින් සිල්වා අමාත්‍ය ධුරයක් දරන වකවානුවේ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස සිටියෙකි.
රජයේ අනුමත ප්‍රසිද්ධ රටබීම නිෂ්පාදනායතනයක නාමය භාවිත කරමින් ව්‍යාජ ලෙස රටබීම නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්ද සිංගප්පූරු සරත් සැකයට ලක්වූවෙකි.
කිරිබත්ගොඩ මායා මාවතේ නිෙවසක් තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය ජනවාරි මස කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 06කට අධික වටිනාකමක් ඇති හොර මත්පැන් තොගය සම්බන්ධයෙන් ද සිංගප්පූරු සරත්ට චෝදනා එල්ල විය. හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, මිල්රෝයි සහ සිංගප්පූරු සරත් යන සැකකරුවන් සොයා ඔවුන් සිටින බවට සැකකරන නිවාස සහ හෝටල් රැසක් පරීක්ෂා කළද ඊයේ වන විටත් ඔවුන්ව සොයා ගැනීමට නොහැකි විය.