Home » සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් චීනය සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි

සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් චීනය සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි

by yasara
March 10, 2025 2:37 pm 0 comment

 

සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ අංක 15 දරන චන්ද්‍රිකාව නිරිතදිග චීනයේ Xichang චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (10) අලුයම 1.17ට කක්ෂගත කෙරිණ.

එය සිදුකෙරුණේ Long March-3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙනි. මෙහිදී චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වූ අතර මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර ඇත. බහු සංඛ්‍යාත කලාප සහ අධිවේගී සන්නිවේදන තාක්ෂණ වලංගුකරණය සඳහා මෙම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් භාවිත කෙරෙනු ඇත.

මෙම දියත් කිරීම Long March වාහක රොකට් මාලාවේ 562 වැනි පියාසැරි මෙහෙයුම සනිටුහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT