අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදෙකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය වාර්තා කළේය.
මෙසේ සොයා ගනු ලැබූවේ මාස දෙකක් පමණ වයැසැති පිරිමි දරුවකි.
අද (10) උදේ 8.25ට පමණ මෙම ප්‍රදේශයේ කාන්තාවක් තාප්පය අසල සෙලවෙන යමක් දැක ඒ දෙස විපරම් කිරීමේ දී බිලිඳෙකු සිටින බව දැක ප්‍රදෙශවාසින් දැනුවත් කර තිබේ.
පසුව ප්‍රදේශවාසීන් විසින් අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාට ලබා දුන් තොරතුරකට අනුව මහ පාර අයිනේ හඬමින් සිටි සිඟිත්තා වහා රෝහල් ගත කිරීමට පියවර ගැනුණි.
අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි රේණුකා මහත්මිය ඇතුලු පොලිස් කාන්තාවන් පිරිසක් සිඟිත්තා බළපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබු අතර දරුවාගේ සෞඛ්‍ය තත්වය ඉතාම යහපත් බව බලපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
බිලිඳා මාර්ගයේ දමා ගිය මව සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකාර මව සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් අම්බලන්ගොඩ පොලීසිය දැනුවත් කරන ලෙස ද පොලීසිය ඉල්ලා සිටී.