225
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව විසින් සංවිධාන කරනු ලැබූ වැඩසටහනක් කොළඹ “ද ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ්” හි දී ඊයේ(08) පැවැත්විණ.
එහිදී යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන ගර්භණී යුද්ධ හමුදා සාමාජිකාවන් පිරිසකට අත්‍යවශ්‍යය ද්‍රව්‍යය ප්‍රදානයන් සිදුකරන ලදී. මීට අමතරව පියයුරු පිළිකා පූර්ව හඳුනාගැනීම් හා වළක්වා ගැනීම පිළිබඳ දේශනයක් සහ රූපලාවන්‍යය වැඩමුළුවක්ද පවත්වන ලදී.
යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනී දිසානායක මහත්මිය ඇතුළු සේවා වනිතා ඒකක සාමාජිකාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.