Home » මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට

by chanaka
March 9, 2025 9:05 am 0 comment

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) සවස් කාලයේදී එම සැකකරු කුට්ටිගල පොලිස් වසමේ පදලංගල ප්‍රදේශයේදී මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා ද මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හෙවත් “කජ්ජා” සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක් විය.

ඒ අනුව මෙම අපරාධයට අදාලව මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT