Sunday, April 20, 2025
Home » සෞඛ්‍ය ‘ක්ලීන්’ කරන්න මෙහෙයුම් කමිටුවක්

සෞඛ්‍ය ‘ක්ලීන්’ කරන්න මෙහෙයුම් කමිටුවක්

by chanaka
March 9, 2025 9:19 am 0 comment

health Ministry

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධිත ආයතන ප්‍රධානීන් 37 දෙනෙක් සාමාජිකත්වය දරයි.

මෙම කමිටුව ත්‍රෛමාසිකව රැස්වී “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සහ අදහස් හා යෝජනා සාකච්ඡා කිරීමට නියමිත අතර, කමිටුව විසින් සකස් කරනු ලබන කාර්තුමය ප්‍රගති වාර්තා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉදිරිපත් කරනු ලබයි.

රෝග නිවාරණය, වැළැක්වීම, පාලනය සහ මූල්‍ය අංශය යන සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන අංශ ශක්තිමත් ව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා ඒකාබද්ධව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉදිරියට ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මට්ටමින් ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම, එම ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම ද මෙම කමිටුවේ අරමුණුවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT