නීති විරෝධි ගිනිඅවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරින්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීම සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් ලබා දෙන ත්‍යාග මුදල් වැඩි කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
ඒ අනුව සැකකරුවකු සමඟ ගිනිඅවි/අත්බෝම්බ අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියාට රුපියල් 1,000,000ක මුදලක් සහ පෞද්ගලික ඔත්තුකරුට රුපියල් 750,000ක්ද සැකකරුවකු නොමැතිව අත්අඩංගුවට ගන්නා ගිනිඅවි/අත්බෝම්බ සඳහා පොලිස් නිලධාරියාට රුපියල් 750,000ක් සහ පෞද්ගලික ඔත්තුකරුවන් සඳහා රු. 500,000ක් ලෙස ත්‍යාග මුදල් වැඩි කර ඇත.
එලෙස පිස්තෝල, රිවෝල්වර, විදේශයන්හි නිපැයූ ස්වයංක්‍රීය නොවන අවි, රිපීටර් තුවක්කු, විදේශීය නිෂ්පාදිත පතොරොම් තුවක්කු, මෙරට නිෂ්පාදිත වෙනත් ඕනෑම තුවක්කු, විදේශීය නිෂ්පාදිත අත්බෝම්බ අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරින්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන්ට ලබා දෙන ත්‍යාග මුදල් වැඩි කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. එහිදී රුපියල් ලක්ෂ 10 සිට පනස් දහස දක්වා පොලිස් නිලධාරින්ටත් රු. 750,000 සිට රු. 30,000 දක්වා පෞද්ගලික තොරතුරුකරුවන්ට ගෙවීම් සිදු කෙරේ.
එසේම තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ද පොලීසිය කටයුතු කරන බවත් ගිනිඅවි සහ අත්බෝම්බ පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් කඩිනමින් පොලීසිය දැනුවත් කරන ලෙසට ද මහජනයාගෙන් ඉල්ලා සිටී.
අමිල මලවිසූරිය