Home » කාන්තා දිනයේ බෙන්තට ගඟට පනින්න ගිය ගැබිණිය බේරා ගත් පොලිස් සැරයන්

කාන්තා දිනයේ බෙන්තට ගඟට පනින්න ගිය ගැබිණිය බේරා ගත් පොලිස් සැරයන්

by chanaka
March 8, 2025 5:37 pm 0 comment

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු අද(08) බෙන්තොට ගඟට පැන දිවි හානිකර ගැනිමට ගිය ගැබිණි තරුණ කාන්තාවක් පොලිස් සැරයන්වරයෙකු මැදිහත් වීමෙන් ඉන් මුදවා ගත් බව අලුත්ගම පොලිසිය කියයි.

මෙම ගැබිණි කාන්තාව සිය ස්වාමියා සමග ඇතිකරගත් අඬදබරයක් හේතුවෙන් ස්වාමියාගෙන් වෙන පීඩාවන් ඉවසා දරා ගැනීමට නොහැකිව මෙසේ බෙන්තොට ගඟට පැන දිවි හානි කරගැනීමට බේරුවල පොලිස් වසමේ වලතර ප්‍රදේශයේ සිට අද අලුත්ගම නගරයට පැමිණ පාගමනින් බෙන්තොට පාලම අසලට ගමන් කර ගඟට පැන සිය දිවි හානිකර ගැනීමට තැත් කර ඇත.

එම අවස්ථාවේ බෙන්තොට පාලම අසල අලුත්ගම පොලිසිය මගින් ස්ථාපිත කර තිබූ පොලිස් මුර පොළ නිසා මෙම ජීවිත හානිය වැළකුණු බව පොලිසිය කියයි.

පොලිසිය ක්‍රියාත්මකව අසල්වාසීන්ගේ ද සහය ඇතුව ඇයගෙ දිවියට හානි නොවන අයුරින් බේරා ගැනීමට කටයුතු කර තිබේ.

අලුත්ගම පොලිසිය මැදිහත්ව අට මසක් වන ගැබිණි තරුණ කතගේ මව අලුත්ගම පොලිසියට ගෙන්වා ඇයට සිය ගැබිණි දියණිය භාරදී රැකබලා ගන්නා ලෙස දැනුම් දුන් බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහ මහතා පැවසීය.

ඇයගේ දිවි බේරා ගැනීමට කටයුතු කළේ අලුත්ගම පොලිසියට අනුයුක්තව කටයුතු කරන පොලිස් සැරයන් ධර්මසේන(34484) මහාතා විසිනි.

 

අලුත්ගම තුසිත කුමාරද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT