Home » බාල සොහොයුරා මරා දමා අයියා පලා යයි

බාල සොහොයුරා මරා දමා අයියා පලා යයි

by chanaka
March 8, 2025 10:31 am 0 comment

crime news Srilanka

ඇලපාත පොලිස් වසමේ අළුපත්ගල ප්‍රදේශයේදී වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය පවසන්නේ, ඊයේ (07) රාත්‍රියේ සිදු වූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ අළුපත්ගල, උඩනිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

මරණකරුගේ වැඩිමහල් සොහොයුරා සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කෙසේ නමුත් මෙම ඝාතනය සිදුකරනු ලැබූ සැකකාර වැඩිමහල් සොහොයුරා මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගන්නා බවට මව විසින් ප්‍රකාශයක් ලබා දී ඇති බවද පොලීසිය පවසනවා.

සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇලපාත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT