Sunday, April 20, 2025
Home » පුතාගේ කාර් රථයට තැබූ අඩය ඉවත් කරන්න ගිය කථිකාචාර්යවරිය මරුට

පුතාගේ කාර් රථයට තැබූ අඩය ඉවත් කරන්න ගිය කථිකාචාර්යවරිය මරුට

by chanaka
March 8, 2025 5:08 pm 0 comment

කොහුවල පොලිස් වසමේ සුමනාරාම මාර්ගයේදී ඊයේ (07) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

මියගිය කාන්තාව සිය පුතා හා ඔහුගේ බිරිඳ සමග මෝටර් රථයේ ගමන්කරමින් සිටියදී එකවර රථය නතර වී ඇති අතර පසුව පුතා නතර වූ රථයේ ඉදිරිපස රෝදයට ගලක් තබා රථය පණගැන්වීමට උත්සාහ දරා තිබේ

එම අවස්ථාවේදී මෝටර් රථය පණගැන්වීම සඳහා මියගිය කාන්තාව සිය ලේලිය සමග ඉදිරිපස රෝදයට තබා තිබූ ගල ඉවත් කිරීමේදී රථය බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ හෙයින් රථය ඉදිරියට ගමන් කර ඇති අතර, එහිදී මියගිය කාන්තාව මෝටර් රථයේ ගැටී තිබේ.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මෝටර් රථය බෑවුම දෙසට පැමිණීමේදී ලේලිය වහා ඉවත් වුවද, මරණකාරියට ඉවත්වීමට නොහැකි වීමෙන් මෙම අනතුරට මුහුණපා ඇති බව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 59ක් වූ සුමනාරාම පාර, කොහුවල ප්‍රදේශයේ පදිංචි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් බව පොලීසිය පවසයි.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT