‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහන යටතේ දිවයින පුරා තෝරාගත් පාසල් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට යුද්ධ හමුදාවෙන් 12,500කට අධික භඨ පිරිසක් මේ වනවිට යොදවා ඇත.
එම භට පිරිස්හි දායකත්වයෙන් 2025 පෙබරවාරි 20වැනිදා සිට 2025 මාර්තු මස 07වැනිද දක්වා කාලය තුළ පාසල් 380ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබේ.
අබලන් තත්වයට පත්ව තිබු පාසල් ගොඩනැගිලි 140කට ආසන්න ප්‍රමාණයක වහල අලුත්වැඩියා කිරීම, තීන්ත ආලේප කර, පිලිසකර කිරීම හා පාසල් තුළ විනාශ වී තිබු වැටමායිම් සකස් කිරීම භට පිරිස් විසින් සිදුකල අතර භාවිතයට නුසුදුසු තත්වයේ තිබූ ඩෙස්පුටු 3100කට ආසන්න ප්‍රමාණයක් අලුත්වැඩියා කිරීමද සිදු කරන ලදි.
මෙම ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් වපතින අතර, ඒ සඳහා පාසල් ගුරුවරු, පාසල් දරුවන් හා දෙමාපියන් ඇතුළු සිවින් ප්‍රජාවගේ සහාය යුද්ධ හමුදාව වෙත නිරන්තරයෙන් හිමිව ඇත.