ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙයි.
තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක් යන තේමාව මූලික කරගෙනය ලංකාව පුරා විවිධ වැඩසටහන් කාන්තා දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි
කෙටියෙන් IWD ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා කම්කරු ව්‍යාපාරය හරහා වර්ධනය වූවකි.
කාන්තා දිනයේ මූල බීජය රෝපණය වුණේ වර්ෂ 1908දීයි.
කාන්තාවන් 15,000ක් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා නිව් යෝර්ක් නගරය හරහා පෙළපාළියක නිරත වීමත් සමඟ මේ කාන්තා දිනය ආරම්භ වෙයි.
ජාත්‍යන්තර කාන්තා දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් වූයේ, 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමට පටන් ගත් පසුව ය.
1996 වසරේදී මේ සඳහා වන පළමු තේමාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් අතර, එම තේමාව වූයේ, “අතීතය සැමරීම සහ අනාගතය සැලසුම් කිරීම” (Celebrating the Past, Planning for the Future) ය.
ජාත්‍යන්තර දිනයක් බවට පත් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කළේ, කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා හිමිකම් පිළිබඳ නීතිඥවරියක වූ ක්ලාරා සෙට්කින් නම් කාන්තාව ය. ඇය එම යෝජනාව 1910 වසරේදී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකදී ඉදිරිපත් කළා ය. එම සමුළුවට රටවල් 17ක් නියෝජනය කරමින් කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර,ඇයගේ යෝජනාව ඒකමතිකව පිළිගැනිණි.
“සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම් ,සමානත්වය සවිමත්කිරීම” (For ALL Women and Girls: Rights. Equality. Empowerment) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර තේමාවයි.
1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල් කාන්තා දිනය පළමුවරට සමරා ඇත.