Sunday, April 20, 2025
Home » ශ්‍රී ලංකාවට එරෙහිව ඉසී කැඳවයි

ශ්‍රී ලංකාවට එරෙහිව ඉසී කැඳවයි

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග දෙක සඳහා නවසීලන්ත සංචිතයේ වෙනසක් සිදු කර තිබිණි.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය අද මෙරට වේලාවෙන් අලුයම 3.30ට ආරම්භ වීමට නියමිතව තිබිණි.

ඒ අනුව පළමු තරගයට පෙර ආබාධයකට ලක්වූ ලෝරන් ඩවුන් වෙනුවට තවමත් ජාත්‍යන්තර තරග වරම් දිනා නැති 20 හැවිරිදි කඩුලු රකින පිතිකාරිනි ඉෂී ෂාප් සංචිතයට එක් කර තිබේ.

ඇය කලින් ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි20 තරගාවලිය සඳහා පමණක් නම් කර තිබිණි.

පළමු තරගයට එක්වූ වේග පන්දු යවන හැනා රෝව් වෙනුවට තෙවැනි තරගය සඳහා එමා බ්ලැක් කැඳවීමට ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවූ අතර, තෙවැනි එක්දින තරගය ලබන ඉරිදා (9) පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT