Home » පලඟ ශූරතාව හඹා යන සීආර් අද යුද හමුදාව සමඟ සටනට

පලඟ ශූරතාව හඹා යන සීආර් අද යුද හමුදාව සමඟ සටනට

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

ෆවුස් මොහොමඩ්
සීආර් සහ හැව්ලොක් පිල අතර පසුගිය සතියේ පැවති තරගයේ අවස්ථාවක්.

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාව හඹා යන සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය අද (7) පනාගොඩදී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සමඟ තරගයට එක් වෙයි.

මේ වන විට ලකුණු 33ක් ලබා සීආර් පිල පලඟ ශූරතා වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, යුද හමුදා පිල දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 30ක් අත්කර ගනිමිනි. මෙවර තරගාවලියේ පලඟ ශූරතාව ජය ගැනීම තුන්කොන් සටනක් බවට පත්වී ඇති අතර, එම සටනේ සෙසු ප්‍රතිවාදියා වන පොලිස් ක්‍රීඩා සමාජය එම ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 27ක් ලබා ගනිමිනි. තරගාවලියේ තීරණාත්මක අවසන් භාගයට පිවිසී සිටින පොලිස් පිල හෙට (8) පස්වරුවේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් පිටියේදී තරග වැදීමට නියමිතය.

මේ අතර ලකුණු 43ක් ලබා කුසලාන තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ ලකුණු 29ක් ලබා සිව්වැනි තැන පසුවන ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය ද හෙට පස්වරුවේ හැව්ලොක් පිටියේදී පැවැත්වෙනු ඇත. මෙවර සති අන්තයේ කුසලාන වටයේ වඩාත් උණුසුම් තරගය බවට පත්වනු ඇත්තේ අනිද්දා (9) නිත්තවෙලදී පැවැත්වෙන අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය සහ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය අතර තරගයයි.

මෙවර ලීග් කිරුළ අත්කර ගනු ඇතැයි අනාවැකි පළ වී ඇති මහනුවර පිල ලකුණු 53ක් ලබා කුසලාන වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, වත්මන් ලීග් ශූර සීආර් පිල ලකුණු 42ක් රැස් කරමින් එම වටයේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT