Home » සැතපුම් 2 මුහුදු පිහිනුම් ගල්කිස්සේදී

සැතපුම් 2 මුහුදු පිහිනුම් ගල්කිස්සේදී

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය 86 වැනි සැතපුම් දෙක මුහුණු පිහිනුම් තරගාවලිය හෙට සහ අනිද්දා ගල්කිස්ස මහ හෝටල් පරිශ්‍රය ආශ්‍රිත මුහුදු තීරයේදී පැවැත්වේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට අධික සංඛ්‍යාවක් එක්වන මේ තරගාවලියේ විවෘත කාන්තා සහ කනිෂ්ඨ කාන්තා හා පිරිමි තරග හෙට පැවැත්වෙන අතර, විවෘත අංශයේ පිරිමි තරග හෙට පැවැත්වේ.

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් මේ තරගාවලිය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. මේ තරගාවලිය සඳහා ගල්කිස්ස මහ හෝටලය අනුග්‍රහය දක්වයි.

ඡායාරූපය – රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT