පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා පෙරේදා (05) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් එම නෞකාව නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Frigate (FFG) වර්ගයට අයත් ‘PNS ASLAT’ නෞකාව, දිගින් මීටර 123කි. නැව් කාර්ය මණ්ඩලය 243කගෙන් සමන්විත අතර, නෞකාවේ අණ දෙන නිලධාරි ලෙස, කපිතාන් MUHAMMAD AZHAR AKRAM කටයුතු කරනු ලබයි.
‘PNS ASLAT’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් කාර්ය මණ්ඩලය කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට ද නියමිතව ඇත. ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමට ද නියමිතව ඇත.