තරුණ භික්ෂූන් වහන්සේ 30නමකට දෙමළ භාෂාව පුහුණු කිරීමේ වැඩසටහනක් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී ආරම්භ කර තිබේ.
ධර්මවිජය පදනමේ අනුශාසක හක්මන සිරිසුමන හිමියන්ගේ අනුශාසනා පරිදි විද්‍යාලංකාර පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 30නමක් සඳහා මෙලෙස මෙම පන්ති මාලාව ආරම්භ කර ඇත. එම භාෂා පුහුණුව දෙනු ලබන්නේ, මහාචාර්ය වජිර ප්‍රභාත් විජේසිංහ විසිනි.
එම පිරිවෙනේ පැවති පුහුණුවේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටි මහාචාර්යවරයා කියා සිටියේ, අපවත්වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන්ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි. භික්ෂූන් වහන්සේට දෙමළ භාෂාව ඉගැන්වීමේ අරමුණ වන්නේ දෙමළ බසින් ධර්මය දේශනා කිරීම සහ ධර්මදූත සේවාවේ යෙදෙමින් ධර්මය ව්‍යාප්ත කිරීමත් බව මහාචාර්යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට විද්‍යාලංකාර පිරිවෙනේ අධිපති රාජකීය පණ්ඩිත වැලමිටියාවේ ඥානරතන, ධර්මවිජය පදනමේ අනුශාසක හක්මන සිරිසුමන, යාපනය නාග විහාරාධිපති මීගහජදුරේ සිරිවිමල, හිඳගල ඥානාධාර, ආචාර්ය අකුරැස්සේ ධම්මරතන හා ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ රදලියැද්දේ සීලානන්ද යන හිමිවරු ද, ධර්මවිජය පදනමේ ලේකම් එච්.බී. ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.