Monday, April 21, 2025
Home » මාධ්‍යවේදී හසිත කුරුප්පුගේ ‘දිනූ මිනිසෙකුට සෙවණැල්ලක්ව’ හෙට එළි දකී

මාධ්‍යවේදී හසිත කුරුප්පුගේ ‘දිනූ මිනිසෙකුට සෙවණැල්ලක්ව’ හෙට එළි දකී

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

මාධ්‍යවේදී හසිත කුරුප්පු රචනා කළ ‘දිනූ මිනිසෙකුට සෙවණැල්ලක්ව’ කෘතිය හෙට (8) සවස 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.

මහාචාර්ය සරත් විජේසූරිය විසින් මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබයි. ප්‍රාසාංගික අංග රැසකින් ද උත්සවය සමන්විත වේ. මෙරට දේශපාලනඥයන්, හමුදා සහ පොලිස් නිලධාරීන්, ක්‍රීඩකයන්, ගායකයන් හා කලාකරුවන් අතරින් ප්‍රසිද්ධත්වය ඉසිලූ චරිත කිහිපයක් තෝරාගෙන ඔවුන්ට සිය ජීවිතය ජය ගැනීමට සෙවණැල්ලක්ව පසුපසින් සිටි බිරින්ඳෑවරුන් විසින් කියන ලද වතගොත ඇතුළත් මෙම කෘතිය සරසවි ප්‍රකාශනයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT