Home » ලක්ෂ 63ක වියදමින් අලුත් වූ මුල්ලේරියාව තැපැල් කාර්යාලය ජනතාවට

ලක්ෂ 63ක වියදමින් අලුත් වූ මුල්ලේරියාව තැපැල් කාර්යාලය ජනතාවට

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

මුල්ලේරියාව සිරිසේන ගමගේ

රුපියල් 63 ලක්ෂයක වියදමින් නවීකරණය කෙරුණු මුල්ලේරියාව (අංගොඩ ) තැපැල් කාර්යාලය තැපැල්පති රුවන් සත්කුමාර මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

දැඩි දුෂ්කරතා මධ්‍යයේ පත්වාගෙනගිය මෙම කාර්යාලය මේ වනවිට නවීන පහසුකම් හා තාක්ෂණය සමඟ කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් සැපයීමට හැකි වන ලෙස නවීකරණය කර තිබේ. මුල්ලේරියාව තැපැල් ස්ථානාධිපති වසන්ත අලහකෝන් මහතාගේ ආරාධනයෙන් නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන ) තුසිත හුළංගමුව, ජ්‍යෙෂ්ඨ පාලන ලේකම් (බස්නාහිර දකුණ ) එන්.වී. ලැනරෝල්, තැපැල් කාර්යාල පාලන මෙහෙයුම් ඉන්දිකා පෙරේරා, ප්‍රාදේශීය තැපැල් අධිකාරි (කොළඹ උතුර) ඉනෝකා පීරිස්, හිටපු අධ්‍යක්ෂ (පුහුණු කිරීම්) ධම්මික ඒකනායක, ජාත්‍යන්තර තැපැල් අධිකාරි (හිටපු) ඉඳුනිල් නාවලගේ, විශ්‍රාමලත් තැපැල් නිලධාරි සුනිල් බ්‍රාහ්මනායක, මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපති නිලන්ත ද සිල්වා යන මහත්ම මහත්මිහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT