Home » කුඹුරු අක්කර සියයක ගොයම පෙරළෙයි
මාතලේට ඇදහැලුණු අධික වැස්සෙන්

කුඹුරු අක්කර සියයක ගොයම පෙරළෙයි

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

නාඋල සමූහ

මාතලේ දිස්ත්‍රික්කයට පසුගිය සමයේ බලපෑ අධික වැසි හේතුවෙන් අස්වනු නෙළීමට නියමිත ගොයම පෙරළී යාම හේතුවෙන් කුඹුරු වගාකරුවෝ මහත් අසීරුතා රැසකට මුහුණ දී සිටිති. මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ අක්කර සිය ගණනක කුඹුරුවල ගොයම් බිමට පෙරළී ඇති බැව් ගොවි සංවිධාන පවසා සිටී. කුඹුරුවල පවතින ජලය ගොයම් ශාකවලට මුසුවීම හා විවිධ වන සතුන්ගේ ගොදුරු බවට වී වගා අත්පත් වීම වැනි තත්ත්වයන් මේ වන විට පෙරළුණු සිය කුඹුරුවල දක්නට ලැබෙන බව ගොවීහු පවසා සිටිති. මෙම තත්ත්වය හමුවේ අස්වනු නෙළීමට ඇති සිය වගාවන් හා අස්වනු නෙළීම්වලදී යන්ත්‍ර භාවිත කිරීම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්වී ඇතැයි ගොවි සංවිධාන පවසා සිටී. මිනිස් ශ්‍රමය හරහා ගොයම් කෑපීමේ දී ගතවන කාලය සහ සෙසු වියදම් දෙස බැලූ කල එය ගැටලුකාරී තත්ත්වයක් බව ද ගොවීහු අවධාරණය කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT