Home » වනඅලින් ගැවසෙන පරිසර පද්ධති තුළ ඇති පාසල් පිළිබඳ සමීක්ෂණයක්

වනඅලින් ගැවසෙන පරිසර පද්ධති තුළ ඇති පාසල් පිළිබඳ සමීක්ෂණයක්

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

ගාල්ල දිසා සමූහ - නන්දසිරි වැලිගමගේ

දකුණු පළාතේ හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවල වනඅලින් ගැවසෙන පරිසර පද්ධතියන් තුළ පිහිටා ඇති පාසල් පිළිබඳ පූර්ණ සමීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පසුගියදා පැවැති පළාත් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරින් වෙත උපදෙස් දෙනු ලැබීය.

විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහරාමය, හම්බන්තොට, ලුණුගම්වෙහෙර, සූරියවැව හා අම්බලන්තොට යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයන් තුළ මෙවැනි අනතුරුදායක පාසල් පවතින බවට යම් තොරතුරු පවතින බවත්, එවැනි පාසල් නිශ්චිතව හඳුනාගත යුතුව ඇති බව ද මෙහිදී ආණ්ඩුකාරවරයා නිලධාරින් වෙත පෙන්වා දෙනු ලැබීය.

මෙම පාසල් පද්ධතිය තුළ ඇති පාසල්වල ළමයින්ගේ ජීවිතවල සුරක්ෂිතතාවය තහවුරු කිරීම අප සතු වගකීමක් බව ද පවසන ආණ්ඩුකාරවරයා ඒ සඳහා අවශ්‍ය දත්ත පද්ධතිය වහා සකස්කර ගැනීම කඩිනමින් සිදුවිය යුතු බවද අවධාරණය කර සිටියේය.

මෙම සමීක්ෂණය සඳහා වනජීවිය, ප්‍රාදේශීය ලේකම්වරු හා අධ්‍යාපන නිලධාරින්ගේ සාහාභාගිත්වය ඇතිව මෙම සමීක්ෂණය සිදු කරන ලෙසට ආණ්ඩුකාරවරයා අදාළ අංශවලට උපදෙස් දෙනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT