Thursday, April 24, 2025
Home » රහස් ගබඩාවක සඟවා වැඩි මිලට කීරි සම්බා විකිණූ කඩහිමියා අත්අඩංගුවට

රහස් ගබඩාවක සඟවා වැඩි මිලට කීරි සම්බා විකිණූ කඩහිමියා අත්අඩංගුවට

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

ගාල්ල දිසා සමූහ - නන්දසිරි වැලිගමගේ

සහල් වැඩි මිලට විකිණීම සඳහා සිය වෙළෙඳසලෙහි රහස් ගබඩාවක සඟවා ගෙන සිටි කීරි සම්බා සහල් තොගයක් ගාල්ල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල ඒකකය විසින් පෙරේදා (5) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

එම ඒකකයට ලද තොරතුරක් මත ගාල්ල දංගෙදර වීදියේ මෙම වෙළෙඳසල වටලා රුපියල් 72500ක් වටිනා කිලෝ 5 බෑග් 55ක් මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සහල් තෙගය සමඟ එහි අයිතිකරුද අත්අඩංගුවට ගත් අධිකාරිය පසුව ඇප පිට මුදහරිනු ලැබූ අතර ඊයේ (6) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම වැටලීම ගාල්ල දිසා ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතාගේ උපදෙස් මත ඒකකයේ ප්‍රධානි බී. ගොඩගම, විමර්ශන නිලධාරි ඉඳුනිල්, එච්.පී. චන්දන, සී. ජයවික්‍රම, තනුජ වීරකෝන්, මංජුල පත්මකුමාර යන පිරිස විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT