නාගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් ලියා රුපියල් ලක්ෂ 45කට විකිණීම සම්බන්ධයෙන් මවක් ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය පවසයි. වසර කිහිපයකට පෙර සැකකාර මව විසින් මෙම ඉඩමට ව්‍යාජ ඔප්පුවක් සකස් කොට එය දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රර් කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම ඔප්පුව පත්ඉරුගතව ඇත. මේ අතර එම ඉඩම සැකකාර මව සහ ඇයගේ දියණිය එක්ව තැරැව්කරුවකු මඟින් වෙනත් අයකුට රුපියල් ලක්ෂ 45කට විකුණා ඇත.
ඉඩම ගත් පුද්ගලයා වගා කිරීම සඳහා ඉඩම සුද්ධ කරමින් සිටියදී පැමිණි ග්‍රාම නිලධාරිවරයා පවසා ඇත්තේ එය රජයේ ඉඩමක් බවය. පසුව එම පුද්ගලයා පැමිණ ගාල්ල පොලීසියට පැමිණිලි කර ඇත. ඒ අනුව සැකකාර මවද තැරැව්කරු සහ ඔහුගේ බිරියද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ සැකකාර දියණිය මේ වනවිට සැඟව සිටින බවය. සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලුම් තිලකරත්න මහතාගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී. ජයසිරි, උප පොලිස් පරීක්ෂක ප්‍රේමකුමාර, සැරයන්වරුන් වන ලීලසේන (4836), අරුණ (73009), උප පොලිස් පරීක්ෂිකා දීපිකා යන මහත්ම මහත්මීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.