123
නව ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හලක් තඹුත්තේගම නගරයේදී පෙරේදා (05) උදෑසන සුබ මොහොතින් ඛනිජ තෙල් සංස්ථාවේ උතුරු මැද පළාත් කළමනාකරු චමින්ද පෙතියාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනසතු කෙරිණි. නවීන පහසුකම්වලින් අංගසම්පූර්ණ මෙම ඉන්ධන පිරවුම්හලේ විශේෂත්වය නම් දහවල් කාලයේදී පාරිභෝගියකන් වෙනුවෙන් තෙල් ලබාදෙමින් සේවය ඉටුකරන්නේ කාන්තාවන් වීමය. පිරිමි සේවකයින් රාජකාරි කරනු ලබන්නේ රාත්‍රී 10 සිට පාන්දර 6 දක්වාය.