මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින් නාලන්ද ප්‍රදේශයේ දී හමුවන ජල අමුණක් ආසන්නයේ දී පෙරේදා (05) අත්බෝම්බයක් හමුවී ඇතැයි පොලීසිය කියයි. බුද්ධි තොරතුරකට අනුව මෙම අත්බෝම්බය සොයාගෙන ඇති අතර, මේ වන විට එම ස්ථානයට නාඋල පොලීසියේ ආරක්ෂාව යොදා ඇත. ජලය කාන්දු නොවන ලෙස පොලිතින්වල අසුරා මෙම අත්බෝම්බය සඟවා ඇති අතර කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා මෙය සඟවා තැබුවේද යන්න සම්බන්ධයෙන් නාඋල පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසිය කියා සිටියේ අදාළ බෝම්බය අධිකරණ නියෝග යටතේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් මඟින් නිෂ්ක්‍රීය කිරීමට නියමිත බවයි.
නාඋල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක දීපාල් කුමාර මහතා ඇතුළු නාඋල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.