අස්වැසුම, වැඩිහිටි දීමනා ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන්වලදී වඩාත්ම දුප්පත් සහ අන්ත දිළිඳු ජනතාව වෙතම සහනාධාර දීමට රජය පියවරගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
මින් වසර පහ හයකට ප්‍රථම ඇරඹි මෙරට ආර්ථික අර්බුදය තවමත් සාර්ථකව සමනය නොවී තිබෙන තත්ත්වයක් හමුවේ ආර්ථික අපහසුතා හේතුවෙන් වඩාත් බලපෑමට ලක්වූ පුද්ගලයන් වෙතම රජය දෙන සුබසාධන සහයෝගයන් හොඳින් ඉලක්ක කළ යුතු යැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා රජය දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීමට කටයුතු කර තිබෙන අතර එහිදී දෙපාර්ශ්වය සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර අනෙකුත් සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගනිමින් වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත් කර ගැනීමට සමත්ව ඇතැයි ඔහු කියයි.
2025 වසරේ ජනවාරි මස අග වන විට සපුරාගත යුතු බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු නියමිත කලට හෝ ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක කර ඇතැයිද ඔකමුරා මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වන ඒ මහතා මෙසේ ද සඳහන් කරයි.
‘රාජ්‍ය මූල්‍ය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ රජයට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව සැපයීමට හැකි බව සහතික කිරීමට තිරසර ලෙස ආදායම් රැස් කිරීමේ ප්‍රයත්නයන් ඉතා වැදගත් වේ. ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ බදු නිදහස් කිරීම්වලින් වැළකී සිටීම ප්‍රධාන වේ.
ආර්ථික දුෂ්කරතා ලිහිල් කිරීමට සහ දිළිඳු හා අවදානමට ලක්විය හැකි කාණ්ඩවලට ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් වීමේ ක්‍රියාවලියට සහභාගි විය හැකි බව සහතික කිරීම සඳහා, සමාජ වියදම් ඉලක්ක සපුරා ගැනීම සහ සමාජ ආරක්ෂණ ජාලයේ ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යාම වැදගත් වේ.
ඉදිරි කාලයේදී, සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශයක් සහිතව සාර්ව අන්තර්ගත භාවයකින් යුත් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට, සමාජ සහයෝගය වඩාත් බලපෑමට ලක්වූ පුද්ගලයන් වෙත හොඳින් ඉලක්ක කළ යුතුය. රජය සතු ව්‍යවසායයන්ගේ රාජ්‍ය මූල්‍ය අවදානම් පාලනය කිරීමට ප්‍රමාදයකින් තොරව පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කිරීම අවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය ආවරණය තුළ ප්‍රාග්ධන වියදම් වඩාත් සුමටව ක්‍රියාත්මක කිරීම මැදි කාලීන ආර්ථික වර්ධනයට දායක වනු ඇත.’