පළාත් පාලන ආයතන 336ක ඡන්ද විමසීම සඳහා නාමයෝජනා පත්‍ර භාර ගැනීම සිදු කෙරෙන ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල්. රත්නායක සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්වරු අතර ඊයේ (06) සාකච්ඡාවක් සිදුකර තිබේ. නාමයෝජනා භාර දීමට දිස්ත්‍රික් ලේකම් තේරීම් භාර නිලධාරි කාර්යාලවලට පැමිණෙන අපේක්ෂකයන්, පක්ෂ නායකයන් ඇතුළු සියලු දෙනා ආරක්ෂිතව මෙන්ම වඩාත් පහසුවෙන් එම ස්ථාන කරා ඔවුන්ට යාමට හැකි වන අයුරින් යොදන ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇත.
නාමයෝජනා භාරදීම අවසන් වන තෙක් යෙදවීමට සැලසුම් කර ඇති ආරක්ෂිත වැඩපිළිවෙළ සහ රථවාහන පාලන කටයුතු සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුම්වත් කර තිබේ.
නාමයෝජනා භාර ගැනීම ලබන 17 සිට 20 වැනිදා මධ්‍යාහ්න 12.00 දක්වා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි කාර්යාලවලදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව 3දා නිවේදනය කළේය.